ලෝකයේ විශාලතම මෝටර් රථ වෙළෙඳ පොළ පවතින චීන වෙළෙඳ පොළ තුළ ඉලෙක්ට්‍රික් වාහන නිෂ්පාදනය අරඹන බව රෙනෝල්ට්-නිසාන් සමාගම නිවේදනය කරයි.
චීන මෝටර් රථ නිෂ්පාදන සමාගමක් වන ඩොන්ග්ෆෙන්ග් මෝටර් සමග එක්ව නව ව්‍යාපාරයක් ලෙස මෙම ඉලෙක්ට්‍රික් රථ නිෂ්පාදනය අරඹන බවද එම සමාගම පවසයි.
මේ අතර, ලෝකයේ තවත් ප්‍රබල මෝටර් රථ සමාගම් ද්විත්වයක් වන ෆෝඩ් සහ ජෙනරල් මෝටර්ස් යන සමාගම්ද චීන වෙළෙඳ පොළ තුළ ඉලෙක්ට්‍රික් රථ නිෂ්පාදනය ඇරඹීම සඳහා සූදානමින් සිටියි.
මෙම වෙළෙඳ පොළ ඉලෙක්ට්‍රික් රථ සඳහා විශාලතම වෙළෙඳ පොළ වන අතර, එරට වායු දූෂණය ඇතුළු පරිසර හානි වැළැක්වීම සඳහා ගෙන ඇති නව නීතිරීති අනුව ඉලෙක්ට්‍රික් රථ සඳහා වැඩි ඉල්ලුමක් ඇති වීම නිරායාසයෙන් ඇතිවන්නක් බවද විශ්ලේෂකයෝ පෙන්වා දෙති.
රෙනෝල්ට්-නිසාන් සහ ඩොන්ග්ෆෙන්ග් මෝටර් සහයෝගයෙන් ඇතිවන මෙම නව ව්‍යාපාරය ඉ-ජීටී නිව් එනර්ජි ඔටෝමෝටිව් ලෙස සිය ප්‍රථම ඉලෙක්ට්‍රික් මිනි-එස්.යූ.වී. රථයේ නිෂ්පාදන 2019 වසරේදී නිෂ්පාදන අරඹනු ඇති අතර, මෙම සහයෝගයෙන් ඇති වූ නව ව්‍යාපාරයේ සන්නාමයක් යටතේ එම රථ අලෙවි කෙරෙනු ඇති බවද වැඩිදුරටත් සඳහන් වේ.