චීනය සිය ගුවන් ආරක්ෂණ මිසයිල පද්ධතිය සක්‍රීය කරමින් සජීව අත්හදා බැලීමක් හා පුහුණුවක් සිදුකර ඇති බව විදෙස් වාර්තා පවසයි.
මූලික වශයෙන් කලාපයේ ආරක්ෂාව සම්බන්ධයෙන් පමණක් අවධානය යොමුකළ මෙම මිසයිල පද්ධති දුගුදුර ඉලක්කයක් වෙත පවා යොදාගැනීමේ හැකියාව පිළිබඳව මෙහිදී අත්හදා බැලීම් සිදුව ඇත.
චීනයේ ගුවන් ආරක්ෂණ බලකාය මෙන්ම, ගොඩබිම සිට ගුවනට මිසයිල ප්‍රහාර එල්ල කිරීමේ බලකාය එක්ව නැගෙනහිර චීනයේ, බොහායි බොක්ක ආශ්රිත ප්‍රදේශයේදී මෙම සජීව පුහුණුවීම්වල නිරත වී තිබේ.
චීනය වෙත විදේශයකින් එල්ල විය හැකි හදිසි හෝ බලාපොරොත්තු නොවූ ප්‍රහාරයක් වළක්වාලීම මෙම මිසයිල අත්හදා බැලීමේ තවත් එක් අරමුණක් බවද චීන හමුදාව සඳහන් කර ඇත.
චීන ගුවන් හමුදාව යටතේ පවතින එච්.කිව්-06 ගුවන් ආරක්ෂණ මිසයිල පද්ධතිය මෙම සජීව අභ්‍යාසයේදී අති සාර්ථක ලෙස සාගරයේ හා ගුවනේ වූ ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කර ඇති බවද සඳහන් වෙයි.
චීන ගුවන් හමුදාපති ධුරයට නව නායකයෙකු පත්වීමත් සමග ඔහු චීන ගුවන් හමුදාව කලාපීය ගුවන් හමුදාවකට වඩා ලෝකයේ ඕනෑම තැනක මෙහෙයුම් සිදුකළ හැකි ගුවන් හමුදාවක් බවට පත්කිරීමේ සැලැස්මේ එක් පියවරක් ලෙසද මෙම මෙහෙයුම් සැලකෙයි.