චීන සංචාරකයෙකයෙකු ලෙස ඔස්ට්‍රේලියාවට පැමිණි ඇයෙකු විසින් එරට කාන්තාවකට සිදුකරන ලද පියයුරු විශාල කිරීමේ ශල්‍යකර්මයක් වැරදීමෙන් එම කාන්තාව ජීවිතක්ෂයට පත්ව තිබේ.
ජියේ ෂාඕ නමැති මෙම චීන ජාතිකයා මිනිස් ජීවිතයක් අවදානමේ හෙළීම සඳහා විෂ සහිත ද්‍රව්‍ය භාවිත කිරීම හා නීති විරෝධී ආකාරයෙන් ශල්‍යකර්මයක් සිදුකිරීම යන චෝදනා යටතේ අධිකරණයට ඉදිරිපත් කර තිබේ.
ජේන් හන්ග් නමැති චීන සම්භවයක් සහිත ඔස්ට්‍රේලියානු කාන්තාව සිඩ්නි නුවර වෛද්‍ය මධ්‍යස්ථානයක අදාළ ශල්‍යකර්මය කිරීමේදී හදිසි හෘදයා බාධයකට ලක්ව ජීවිතක්ෂයට පත්ව ඇත.
මෙම චීන ජාතිකයා සංචාරක වීසා මත ඔස්ට්‍රේලියාවේ රැඳී සිට ඇති බවත්, මෙම ශල්‍යකර්මය කිරීමට දින කිහිපයකට පෙර ඔහු ඔස්ට්‍රේලියාවට පැමිණ ඇති බවත් අනාවරණ්ය වෙයි.