චීන විරෝධී වියට්නාම උද්ඝෝෂණ නිසා එරට සිටින චීන ජාතිකයන් යළි කැඳවයි
චීන විරෝධී උද්ඝෝෂණ මාලාව වියට්නාමය තුළ වඩාත් දරුණු අතට හැරීමත් සමග වියට්නාමයේ සිටින 3,000ක් පමණ වන චීන ජාතිකයන් නැවත සිය රටට ගෙන්වා ගැනීමට චීනය පියවර ගෙන ඇති බව එරට මාධ්‍ය වාර්තා කරයි.
චීන ෂිංහුවා පුවත් ඒජන්සිය පෙන්වා දෙන්නේ මේ ආකාරයෙන් තම ජනතාව කඩිනමින් සිය රට ගෙන්වා ගැනීම සඳහා චීනය ගුවන්යානා හා නෞකාද යොදවා ඇති බවයි.
වියට්නාමයට අයිතියැයි පැවසෙන මුහුදු සීමාවේ චීනය විසින් ඛනිජතෙල් කැනීම් සිදුකිරීමට විරෝධය පාමින් මෙම චීන විරෝධී උද්ඝෝෂණ මාලාව ආරම්භ වූ අතර, මේ හේතුවෙන් දැනටමත් චීන ජාතිකයන් 12 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 100ක් පමණ තුවාල ලබා ඇති බව කියැවෙයි.
කෙසේ වෙතත් ඊයේ (17දා) වියට්නාම් රජය මෙම උද්ඝෝෂණ නැවැත්වීම සඳහා නියෝගයක් නිකුත් කර තිබුණද, තවමත් එය නතර වී නොමැති බව කියැවෙයි.
පසුගිය දින කිහිපය තුළ උද්ඝෝෂකයන් විසින් විදේශීය සමාගම් 15ක් පමණ ගිනිබත් කළ අතර, ඒ අතර චීන, තායිවාන හා දකුණු කොරියානු සමාගම්ද පවතින බව කියැවෙයි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

