චීනයේ, සිචුආන් ප්‍රාන්තයේ ටිබෙට් බෞද්ධ භික්ෂූන් අධ්‍යාපනය ලබන දැවැන්ත බෞද්ධ ආරාම සංකීර්ණයක ගින්නක් හටගෙන ඇති බව චීන මාධ්‍ය වාර්තා කරයි.
ඊයේ (9දා) රාත්‍රී කාලයේදී මෙම ගින්න හටගෙන ඇති බවත්, ලාරුන්ග් වූමින්ග් නමැති මෙම ටිබෙට් ආරාම සංකීර්ණයේ ගොඩනැගිලි රැසකට ගින්න පැතිර ඇති බවත් වාර්තා වෙයි. ඊයේ වනවිට ගින්න නිවීම සඳහා බෞද්ධ භික්ෂූන් ඇතුළු 400කට අධික ස්වේච්ඡා සේවක පිරිසක් සහභාගි වී සිටියහ.
කෙසේ වෙතත් බෞද්ධ භික්ෂූන් හා භික්ෂුනීන් වහන්සේලා රැස්වන ගොඩනැගිලි රැසක ගින්න පැතිර තිබුණත්, මේ නිසා සිදුවූ ජීවිත හානි හෝ තුවාලකරුවන් පිළිබඳ පැහැදිලි තොරතුරක් වාර්තා වී නොතිබිණි.