චීනයේ යැංග්සේ ගංගාවේ පසුගියදා සිදුවූ නෞකා අනතුරින් පසුව එහි සිරවී සිටින පුද්ගලයන් සෙවීමේ මෙහෙයුම් තවදුරටත් සිදුවන අතර, එහි ගමන්ගත් 456 දෙනාගෙන් දිවි බේරාගෙන ඇත්තේ 14 දෙනෙකු පමණක් බව කියැවෙයි.
නෞකා බඳේ කැපුමක් සිදුකරමින් සෝදිසි මෙහෙයුම් සිදුකළත්, ගංගාව අභ්‍යන්තරයේ පවතින අපැහැදිලිතාව හේතුවෙන් එය අතිශය අසීරු කාරණයක් බවට පත්ව තිබේ.
මේ අතර, කෝපයට පත් මගීන්ගේ ඥාතීන් තම හිතෛෂීන් පිළිබඳ තොරතුරු ඉල්ලමින් පොලීසිය සමග උණුසුම් වාදවිවාද ඇති කරගනිමින් සිටින බව විදෙස් වාර්තා පවසයි.
චීන රජය පවසන්නේ ජීවිත ආරක්ෂා වී හෝ තුවාල වී ඇතැයි විශ්වාස කෙරෙන පිරිස් බේරාගැනීම සඳහා මුදාගැනීමේ කණ්ඩායම් තමන්ට හැකි උපරිම මෙහෙය සිදුකරනු ඇති බවයි.