චීන නගරයක ස්ථාපිත කිරීමට ගිය අපද්‍රව්‍ය උදුන සම්බන්ධයෙන් ඇති වූ විරෝධතාවක් හේතුවෙන් පුද්ගලයන් 39 දෙනෙකුට වඩා වැඩි පිරිසක් තුවාල ලබා ඇති බව පැවසෙයි.
නැගෙනහිර චීනයේ සේජියාන්ග් පළාතේ, හැන්ග්සෝව් නගරයේ පසුගිය ඊයේ (10දා) මෙම විරෝධතාව ඇතිවූ අතර, තුවාල ලැබූවන්ගෙන් 29 දෙනෙකු පොලිස් නිලධාරීන් බව පැවසෙයි.
කෙසේ වෙතත් බලධාරීන් පෙන්වා දෙන්නේ මෙම ව්‍යාපෘතිය නගරවාසීන්ගෙන් සහාය නොමැතිව ක්රියාවේ නොයෙදෙන බවයි.
මේ ආකාරයේ විරෝධතා බොහෝ අවස්ථාවල චීනයේ දැකිය හැකි අතර, මින් වැඩිමනක් පරිසර දූෂණය, දූෂණ හා වංචා මෙන්ම ඉඩම් අත්පත් කරගැනීම හේතුවෙන් සිදුවෙයි.