චීන ජනපති ෂී ජින්පින් වෙත දෙවැනි ධුර කාලයෙන් පසුවත් බලයේ රැඳී සිටීමට හැකි ලෙස එරට ව්‍යවස්ථා සංශෝධනයක් සිදුකිරීම මේ වනවිට විවාදයට බඳුන්වෙමින් පවතී.
එරට හිටපු පුවත්පත් කතුවරයෙකු වූ ලී ඩැටොන්ග් විසින් මේ යෝජනාවට විරෝධය දක්වමින් විවෘත ලිපියක් පළ කර තිබේ.
මේ ආකාරයෙන් ජනපති ධුර කාලය දීර්ඝ කිරීම සඳහා කටයුතු කිරීමට යාමෙන් ව්‍යාකූලත්වයේ බීජ රෝපණය වීමට පරිසරය සැකසෙන බව ඔහු පෙන්වා දෙයි.
මේ අතර, මේ සම්බන්ධයෙන් චීන සමාජජාල තුළ දැක්වෙන විරෝධී අදහස් ඉවත් කිරීමට එරට අන්තර්ජාල පාලක මණ්ඩලය කටයුතු කර ඇති බවද කියැවෙයි.
වර්ෂ 2023 න් පසුවද ෂී ජින්පින් චීනයේ ජනපති ධුරයේ රැඳී සිටිනු ඇති බවට වන කටකතා පසුගිය කාලය පුරාවට පැවතිණි.