චීන ජනපති ෂි ජින්පින් ගේ පකිස්තාන සංචාරය මෙම සැප්තැම්බර් මාසයේදී යෙදී තිබුණත්, එය කල්දැමීමට සිදුවූ බව පකිස්තාන විදේශ අමාත්‍යංශය පවසයි.
පකිස්තානය තුළ මේ වනවිට උද්ගතව පවතින දේශපාලනික ගැටුම්කාරී තත්ත්වයන් මෙසේ චීන ජනාධිපතිවරයාගේ සංචාරය කල් දැමීමට හේතු වූ බවත්, දෙරටෙහිම තත්ත්වයන්ට ගැලපෙන නව දිනයක් පිළිබඳව විදේශ අමාත්‍යාංශය සාකච්ඡා කෙරෙමින් පවතින බවද කියැවෙයි.
පාකිස්තානයේ ඉස්ලාමාබාද් නුවර සති තුනක පමණ කාලයක් ආණ්ඩු විරෝධී ගැටුම් පැවතින අතර, රටේ දැවැන්ත අර්බුදයක් නිර්මාණය වෙමින් පවතින බව විශ්ලේෂකයෝ පෙන්වා දෙයි.
චීන ජනාධිපතිවරයාගේ පාකිස්තාන සංචාරය තුළදී එරට බලශක්ති සහ යටිතල පහසුකම් ක්ෂේත්රය තුළ ඩොලර් බිලියන ගණනක චීන ආයෝජන ඔවුන් බලාපොරොත්තුව සිටි බව කියැවෙයි.