චීන කොමියුනිස්ට් පක්ෂ සමුළුවේදී වත්මන් ජනපති ෂි ජින්පින්, චීන ජනරජයේ නිර්මාතෘ මාඕ සේතුංගේ මට්ටමට ඔසවා තබමින් ඔහුගේ බලතල වැඩිකිරීම සම්බන්ධයෙන් ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් චීන නායකයාට සුබ පැතුම් එක්කර තිබේ.
ඒ අනුව, මෙවර පක්ෂ සමුළුව අවසානයේදී කොමියුනිස්ට් පක්ෂයේ සුක්ඛානම අතදැරීමට සුදුසු නායකයෙකු පෙනෙන්නට නොමැති නිසා ඊළඟ වසර පහක කාලයද චීනයේ නායකයා බවට ෂි ජින්පින් පත්ව සිටී.
ඔහුට ලැබුණු මෙම උසස් කිරීමත් සමග ඔහුගේ නම මෙන්ම ඔහුගේ නම මෙන්ම ඔහුගේ ප්‍රතිපත්ති හා දැක්ම චීන ව්‍යවස්ථාවට එක්වනු ඇත.
පසුගිය ජූලි මාසයේදී ජී20 සමුළුවේදී හමුවීමෙන් පසුව ඇමෙරිකානු නායකයා සහ චීන නායකයා අතර හමුවක් චීනයේදී පැවැත්වීමට නියමිතය. ඒ ලබන මාසයේදී ඇමෙරිකානු නායක ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් සිදුකරන චීන සංචාරයේදීය.
මෙම හමුවේදී උතුරු කොරියාව සහ ද්විපාර්ශ්වික වෙළෙඳාම ගැන දෙපාර්ශ්වය සාකච්ඡා කරනු ඇති බව ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ඇමෙරිකානු නායකයා පවසයි.