මධ්‍යම චීනයේ ගල් අඟුරු බලාගාරයක සිදුවූ පිපිරීමකින් පුද්ගලයන් 21 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් වාර්තා පවසයි.
එමෙන්ම, මෙම පිපිරීමෙන් තවත් පුද්ගලයන් 5 දෙනෙකු තුවාල ලබා ඇති බවද චීන මාධ්‍ය පවසයි.
මධ්‍යම චීනයේ, හුබෙයි හි ඩැන්ග්යැන්ග් හි බ්‍රහස්පතින්දා සවස් කාලයේදී මෙම පිපිරීම සිදුව ඇති අතර, තුවාල ලැබූවන් වහාම රෝහල්ගත කර ඇති බවත්, ඔවුන්ගේ තත්ත්වය බරපතල බවත් රෝහල් ආරංචි මාර්ග පවසයි.
මෙම බලාගාරයේ අධි පීඩිත නලයක් පිපිරීමෙන් මෙම අනතුර සිදුව ඇති බව සිද්ධිය ඇසින් දුටුවෝ පවසති.
ඒ අනුව, බලාගාරයට ඉහළින් විශාල දුම් වළාවක් ඉහළ නගින ආකාරය දැකිය හැකි වී තිබේ.