ගිනිකොණදිග චීනයේ ෆූජියාන් පළාතේ රසායනික කර්මාන්ත ශාලාවක සිදුවූ පිපිරීමකින් මහා ගින්නක් ඇති වී තිබෙන බව විදෙස් වාර්තා පවසයි.
ඊයේ සවස ඇති වූ මෙම පිපිරීමෙන් සංග්ස්සූ කර්මාන්තශාලවේ පොලියස්ටර් හා ප්ලාස්ටික් නිෂ්පාදනය සඳහා යොදා ගන්නා වහා ගිනි ඇවිලෙන සුළු ප්රැක්සිලීන් නිෂ්පාදනය කරනු ලබයි.
මෙවැනි කර්මාන්තශාලාවලට විරුද්ධව පසුගිය වසරේදී චීන වැසියන් දැවැන්ත උද්ඝෝෂණද පවත්වා තිබුණු අතර, එය තම ජන ජීවිතයට බලවත් තර්ජනයක් බව ජනතාව පවසා තිබුණි.
මෙවැනි කර්මාන්තශාලාවලින් සිදුවන පාරිසරික හානිය තම සෞඛ්‍යයට බලවත් තර්ජනයක් බව ඔවුහු කියති.