චීනයේ උතුරුදිග ශාන්ෂි පළාතේදී හිම පතනය හේතුවෙන් මාර්ගයේ ධාවනය වූ මෝටර් රථ පෙළක් එකිනෙක ගැටීමෙන් සිදුවූ අනතුර ජීවිත 17ක් අහිමිව ඇති බව එරට මාධ්‍ය වාර්තා කරයි.
මෙම අනතුර හේතුවෙන් තවත් පුද්ගලයන් 37 දෙනෙකු තුවාල ලබා ඇති අතර, එම අවස්ථාවේදී පැවති හිම පතනය බීජිං - කුන්මින්ග් අධිවේගී මාර්ගයේදී මෙම බරපතල අනතුර සිදුකර තිබේ.
මෙම අනතුරින් වාහන රැසක් එකිනෙක ගැටී බරපතල හානි සිදුව ඇති බවද චීන මාධ්‍ය වාර්තා කර තිබුණි.
එහිදී, එක් ට්‍රක් රථයක් ඉහළට වීසි වි ගොස් මාර්ගයේ ගමන් කළ අනෙක් රථ මතට වැටී ඇති බවද සිද්ධිය ඇසින් දුටුවෝ පවසති.