චිලියේ තවත් භූකම්පනයක් නැවත සුනාමි අනතුරු ඇඟවීම්
උතුරුදිග චිලිය වෙත රික්ටර් මාපාංක 7.6ක තවත් ප්‍රබල භූකම්පනයක් ඇති වූ බව වාර්තා වෙයි.
ඊයේ දිනයේදී රික්ටර් මාපාංක 8.2ක ප්‍රබල භූ කම්පනයෙන් පැය 24ක් ගතවීමට පෙර මෙම පසු කම්පනය ඇති වී තිබේ.
ඊයේ දිනයේ ඇති වූ භූකම්පනයෙන් පුද්ගලයන් 6 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව, 2,600ක වඩා වැඩි නිවාස ප්‍රමාණයකට අලාභානි සිදුවිය.
මේ තත්ත්වය තුළ චිලියට හා පේරු රාජ්‍යයට නැවතත් සුනාමි අනතුරු ඇඟවීමක් ප්‍රකාශයට පත් කර ඇති අතර, අඩි 2.4 ක පමණ උදම් රළ ඇතැම් වෙරළාශ්‍රිත ප්‍රදේශ වෙත පැමිණි බව වාර්තා වෙයි.
මේ අතර චිලී ජනාධිපතිනී මිෂෙල්ලේ බැචෙලෙට් ආපදාවට පත්වූවන්ගේ සුවදුක් බැලීමට අද දිනයේ සංචාරය කළාය.
සාමාන්‍යයෙන් ප්‍රබල භූකම්පනයකින් පසුව මෙවැනි පසු කම්පන ඇතිවීම ස්වභාවික වුවත්, මෙම පසුකම්පනය ප්‍රබල පසුකම්පනයක් බව කියැවෙයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

