2011 වසරේදී ඝාතනයට ලක්වූ පාකිස්තාන ආණ්ඩුකාරවරයාගේ පැහැරගත් පුතා එම ඝාතනය සිදුකළ පුද්ගලයා එල්ලා මරා දැමීමෙන් සතියකට පසු නිරුපද්‍රිතව හමුවී තිබේ.
2011 අගෝස්තු මාසයේදී ෂාහ්බාස් ටසීර් නමැති මෙම තරුණයාවද ආයුද සන්නද්ධ පිරිසක් විසින් පැහැරගෙන ගොස් තිබූ අතර, ඔහුගේ පියා ඝාතනය කර තිබුණේ එරට දේවාපහාස නීතියට එරෙහිව යෑම නිසාය.
කෙසේ වෙතත්, මෙම ඝාතනය සිදුකළ ඔහුගේ ආරක්ෂකයා වූ මුම්ටාස් ඛදීර් වීරයෙකු ලෙස ඇතැම් අන්තවාදී පාකිස්තානුවන් සැලකූහ.
කෙසේ වෙතත්, මෙම සිදුවීම උණුසුම්ව පැවති පසුගිය සමයේ ලැබුණු ඔත්තුවකට අනුව පාකිස්තානයේ ප්‍රතිත්‍රස්ත හමුදා ඒකකයක් විසින් සිදුකළ ක්ෂණික මෙහෙයුමකින් ටසීර් මුදාගෙන තිබේ.