ගෞරවය වෙනුවෙන් බිරිඳ මැරූ ස්වාමියා හා පියා දැලේ
ගෞරවය මුල් කරගෙන කාන්තාවන් ඝාතනය කිරීමට නම ගිය පාකිස්තානයෙන් තවත් එවැනි ඛේදවාචකයක් වාර්තා වන බව බී.බී.සී.ය කියයි.
එහිදී, 28 හැවිරිදි සාමියා ෂහීඩ් නමැති තැනැත්තිය ගෞරවය මුල් කරගෙන මරා දැමී යැයි චෝදනා ලැබූ ස්වාමියෙකු හා ඔහුගේ පියා පාකිස්තාන අධිකරණය හමුවට පැමිණ වී තිබේ.
බ්‍රිතාන්‍යයේ, බ්රැඩ්ෆෝඩ් හි ජීවත් වී ඇති ෂහීඩ් සිය පවුලේ උදවිය බැලීමට පාකිස්තානයට ගිය අස්ථාවේදී පසුගිය මාසයේදී මෙම මරණය සිදුව ඇත්තේ, එරට උතුරුදිග පන්ජාබ් ප්‍රදේශයේදීය.
ඇයගේ ස්වාමියා වූ චෞද්රි ෂකීල් මෙම මරණය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහුගේ පියා මෙම මරණයට සහාය දැක්වූයේ යැයි කියන චෝදනාව මත සැකපිට අත්අඩංගුවට පත්ව තිබේ.
පාකිස්තානය තුළ මේ ආකාරයෙන් කාන්තා හිංසනය නිරන්තරයෙන් වාර්තා වන අතර, තම පවුලේ ගෞරවය ඉදිරියට දමා කාන්තාවන් මරා දැමීම ඔවුන් පුරුද්දක් කරගෙන ඇත.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

