ඉන්දියාවේ ප්‍රකට යෝග ආචාර්යවරයෙකු වූ නැසීගිය බී.කේ.එස්. ලියෙන්ගාර්ගේ 97 වැනි ජන්ම දිනයේ නිමිති කරගෙන ඔහු වෙත ගෞරව දැක්වීමක් වශයෙන් ගූගල් සෙවුම් යන්ත්‍රයේ ලාංඡනය (doodle) අද දිනයේදී (14දා) යෝගියෙකු සමග දක්වා තිබුණි.
ඔහුටම ආවේණික යෝග අභ්‍යාස සම්බන්ධයෙන් ප්රකටව සිටි ලියෙන්ගාර් ලෝකයේ සුප්‍රකට පුද්ගලයන් කිහිප දෙනෙකුගේම යෝග ආචාර්යවරයා ලෙසද කටයුතු කර තිබුණි.
2013 වසරේදී පූනේ හිදී ඔහු අභාවප්‍රාප්තව වනවිට 95 වැනි වියෙහි පසුවිය.
ලියෙන්ගාර් යෝගා මේ වනවිට ලොව පුරා රටවල් 70ක පමණ ප්‍රගුණ කරන අතර, යෝග ගුරුවරයාගේ පොත්පත් භාෂා 13කට පරිවර්තනය වී තිබේ.