සිංගප්පූරුවේ නිවසක සුරතලයට ඇතිකළ ගිරවෙකුගේ කූඩූව වෙළාගෙන සිටින මීටර් එකහමාරක් පමණ දිග දැවැන්ත පිඹුරෙකු අල්ලා ගනිමින් එහි සිටි ගිරවා බේරාගැනීමට නිවෙස් හිමියාට සමත්ව තිබේ.
නිකී නමින් හැඳින්වෙන මෙම සුරතල් ගිරවාගේ කූඩුව ඇතුළට රිංගා ගැනීමට නොහැකිව කූඩුව වට වෙළි හිරවී සිටි පිඹුරා ගෙහිමියා දැක ඇත්තේ පසුගිය සඳුදා දිනයේදීය.
එම අවස්ථාවේදී මෙම මරාන්තික උගුලෙන් බේරීම සඳහා නිකී ගිරවා කූඩුවේ එක් පැත්තකට වී නිසොල්මන්ව සිට ඇති බවද ගෙහිමියා පවසයි.
කෙසේ වෙතත්, පසුව මෙම පිඹුරා අල්ලා ගෙන ඇති ගෙහිමියා සත්ව ආරක්ෂණ කණ්ඩායමක් ගෙන්වා පිඹුරා ඔවුන් වෙත භාරදී තිබේ.
සිංගප්පූරුව තුළ වන ගහණයක් දක්නට නොලැබුණත්, එරට තුළ මෙවැනි විශාල පිඹුරන් දුලභ කාරණයද නොවන බව විදෙස් වාර්තා පවසයි.