ගාසා තීරයේ කඩිනම් හා කොන්දේසි විරහිත මානුෂීය සටන් විරාමයක් වෙනුවෙන් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය කැඳවීමක් කර තිබේ.
එම මණ්ලඩයේ පැවති හදිසි රැස්වීමකදී විශේෂ නිවේදනයක් නිකුත් කරමින් මේ බව පවසා ඇති අතර, එය හෙට පැවැත්වෙන ඉද් අල්-ෆිට්ර් ඉස්ලාමීය ආගමික උත්සවය හා ඉන් ඔබ්බට ක්රියාත්මක විය යුතු බව පෙන්වා දී තිබේ.
කෙසේ වෙතත්, මේ වනවිට ගාසා තීරයේ හටගෙන ඇති අර්බුදකාරී වාතාවරණය සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය පලස්තීනය මෙන්ම, ඊශ්රායලය වෙතද ඇඟිල්ල දිගු කොට ඇත්තේ විවිධ හේතු ඉදිරිපත් කරමිනි.
මේ අතර, ඊයේ රාත්රිය ගාසා තීරයේ පසුගිය සති දෙකකට ආසන්න කාලය තුළවඩාත් නිහඬම කාල සීමාව වූ අතර, හමාස් සංවිධානය මෙන්ම ඊශ්රායලය විසින් කැඳවා තිබූ සටන් විරාම ඊට හේතු විය.
ගාසා සටන් හේතුවෙන් මියගිය පලස්තීනුවන් පිරිස 1,060ක් ලෙස මීට පෙර පැවසුණත්, මිය ගියේ යැයි සැකකළ පිරිසක් නැවත හමුවීමත් සමග එම අගය 1,030 දක්වා අඩු වී තිබේ. මේ අතර, ඊශ්රායල් සොල්දාදුවන් 43 දෙනෙකු මෙන්ම, සිවිල් වැසියන් දෙදෙනෙකුද ජීවිතක්ෂයට පත්ව තිබේ.