ගාසා තීරයේ පවතින තත්ත්වය සම්බන්ධයෙන් අදහස් දක්වමින් එක්සත් ජාතීන්ගේ සරණාගතයන් පිළිබඳ ප්රධානී වැලේරි ආමෝස් අවධාරණය කර ඇත්තේ සටන් විරාමයක් පැවැත්වීම අතිශය වැදගත් බවයි.
මෙම ගැටුම්කාරී තත්ත්වය හේතුවෙන් ගාසා තීරයෙන් 44% ක පලස්තීනුවන්ට යනඑන මං නැතිව ඇති බවත්, ඔවුන් දැඩි ආහාර හිඟයකට මුහුණපා ඇති බවත් ඇය පවසයි.
පසුගිය දින 16ක කාලය තුළ පලස්තීන ජාතිකයන් 710ක් සහ ඊශ්රායල් ජාතිකයන් 30ක් ගැටුම් හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව තිබේ.
මේ අතර, ඊශ්රායලයේ ගොඩබිම් ප්රහාර දිගින් දිගටම සිදුවන අතර, හමාස් රොකට් ප්රහාරයන්ද ඊශ්රායලය වෙත අඛණ්ඩව එල්ල වන බව පැවසෙයි.