ගාසා තීරයේ සටන් විරාමය අතරත් අර්බුදකාරී සිදුවීම් රැසක්
ගාසා තීරයේදී ඊශ්රායල් සොල්දාදුවෙකු තමන් රඳවාගෙන ඇති බවට චෝදනා නැගුණත් එවැනි පුද්ගලයෙකු ගැන නොදන්නා බව හමාස් සංවිධානය පවසයි.
ඔවුන් පෙන්වා දෙන්නේ සටන් බිමේදී තමන්ගේ සටන්කාමීන් රැසක් පිළිබඳවත් තොරතුරු නොමැති බවයි. ඒ අනුව, ඊශ්රායලය පවසන 23 හැවිරිදි හාඩර් ගෝල්ඩින් නැමති සොල්දාදුවාද සටන් බිමේදී මිය යන්නට ඇති බව හමාස් සංවිධානය පවසයි.
පැය 72 ක සටන් විරාමයක් වෙනුවෙන් කොන්දේසි විරහිතව දෙපාර්ශ්වය එකඟවීමෙන් පැය කිහිපයකට පසුව මෙම සොල්දාදුවා අල්ලා ගැනීම හා තවත් සිදුවීම් කිහිපයක් ගැන ගාසා තීරයෙන් වාර්තා වෙයි.
මීට පෙර ඇමෙරිකානු ජනාධිපති බරැක් ඔබාමා පවසා සිටියේ ගාසා තීරයේ පවතින ගැටුම් හදවත රිදුම් දෙන තත්ත්වයක් උද්ගත කර ඇති බවයි.
ඔහු පවසා ඇත්තේ සටන් විරාමයක් ඇති කිරීමට තමන් දැඩි ප්රයත්නයක නිරත වන බවයි.
එහිදී, ඔහු අවධාරණය කර ඇත්තේ මෙම ගැටුම්වලට මැදිවී සිටින අහිංසක වැසියන්ගේ ජීවිතවලට විශාල බර තැබීමක් කිරීමට අප කටයුතු කළ යුතු බවයි. එහිදී, මෙම ගැටුම් නැවැත්වීමට තමන්ගේ කැපවීම හමාස් සංවිධානයද පෙන්නුම් කළ යුතු බවත් ඔබාමා අවධාරණය කර තිබේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

