පලස්තීන හමාස් සංවිධානයට එරෙහිව ඊශ්‍රායලය ඇරඹූ සටන හත්වැනි දිනටත් දරුණු අතට හැරෙමින් ගුවන් ප්‍රහාරවලින් හා මෝටාර් ප්‍රහාරවලින් ගාසා තීරයම වැසී යමින් පවතින බව විදෙස් මාධ්‍ය පවසා සිටියි.
පලස්තීන බලධාරීන් පෙන්වාදෙන පරිදි මේ දක්වා එල්ල වූ ඊශ්‍රායල් ගුවන් ප්‍රහාරවලින් ජීවිතක්ෂයට පත්ව ඇති පිරිස 172 ඉක්මවා ඇත.
මේ අතර, ඊශ්‍රායලය පවසන්නේ පලස්තීනය දෙන්නේ ගාසා තීරයේ පලස්තීනය දෙසින් මෝටාර් ප්‍රහාර 1,000ක් පමණ එල්ල වූ බවයි.
මෙම ප්‍රහාර මැඩපැවැත්වීම සඳහා ඊශ්‍රායලය ප්‍රතිමිසයිල පද්ධතියක්ද ස්ථාපිත කර තිබේ.
එමෙන්ම, ප්‍රහාර එල්ල කිරීමේදී සාමාන්‍ය වැසියන්ට හානි වන්නේ යැයි පැවසීම අසත්‍යයක් බව පවසන ඊශ්‍රායලය කියා සිටින්නේ ප්රහාරයන්ට පෙර අනතුරු ඇඟවීමේ පත්‍රිකා ගුවනින් හෙලන බවයි.