ගාසා තීරයේ පලස්තීන හමාස් සටන්කාමීන්ට එරෙහි භූමියෙන් සිදුකරන මෙහෙයුම් සැලකිය යුතු ලෙස වැඩි කිරීමට ඊශ්රායලය කටයුතු කරන බව අගමැති බෙන්ජමින් නෙතන්යාහු පවසයි.
ඔහු පවසා සිටින්නේ හමාස් සංවිධානයේ සියලු ජාලයන් වැටලීමට ගුවන් ප්රහාරයන් පමණක් ප්රමාණවත් නොවන බවයි.
ඒ අනුව, බ්රහස්පතින්දා රාත්රිය වනවිට ඊශ්රායල් හමුදා දහස් ගණනින් ගාසා තීරයට ඇතුළු වී ඇති අතර, යුද ටැංකි හා කාලතුවක්කු භට පිරිස්ද ඔවුන් සමග මෙහෙයුමට සම්බන්ධ වී සිටින බව වාර්තා වෙයි.
ගාසා තීරයේ පාලනය ගෙන යන හමාස් සටන්කාමීන් පෙන්වා දෙන්නේ මෙම මෙහෙයුමේ වන්දිය වැඩිකල් නොගොස් ඊශ්රායලය බුක්ති විඳිනු ඇති බවයි.