පැය 12ක සටන් විරාමයක් ප්‍රකාශයට පත්කිරීමත් සමග ගාසා වැසියන් තම නිවෙස් වෙත යමින් වැදගත් දේ එක්රැස් කිරීමටත්, ගැටුමට කොටුවී සිටි පිරිස් බේරාගනිමින් යුහුසුළුව කටයුතු කරන ආකාරයත් දැකගත හැකි විය.
එහිදී, බැංකු සහ සමහර කඩ සාප්පු විවෘත කර ඇති අතර ඊශ්‍රායල ෂෙල් ප්‍රහාරවලින් බරපතළ ලෙස හානියට පත් ප්‍රදේශවලට සහන සේවකයෝ ගොස් සිටි බවද පවසති.
ඊශ්‍රායල රජය සහ හමාස් ව්‍යාපාරය ඇති කරගත් එකඟතාවක් මත ගාසා තීරයේ පැය 12ක සටන් විරාමය ප්‍රකාශ කෙරිණි.
මේ යුද විරාමය මානුෂික සහන සැපයීම සඳහා ලබාදුන් අවස්ථාවක් ලෙස හැඳින්වූ ඊශ්‍රායලය තම හමුදාවට පහර දීම් සිදු කළහොත් ප්‍රතිප්‍රහාර එල්ල කරන බවද අවධාරණය කර තිබුණි.
මේ අතර, පලස්තීන සටන්කාමීන් තම රටට පහර දීම සඳහා යොදා ගන්නා උමං මාර්ග විනාශ කිරීමේ මෙහෙයුම් සටන් විරාමය අතරතුරත් ක්‍රියාත්මක කරන බවද ඊශ්‍රායල ප්‍රකාශ කළේය.
සටන් විරාමය ආරම්භ වීමෙන් පසු මළ සිරුරු විශාල ගණනක් සොයා ගත් බව පලස්තීන සෞඛ්‍ය අංශ පවසා සිටියේය.