ඊශ්‍රායල් ගුවන් හමුදා ගාසා තීරයේ ස්ථාන දෙකක් වෙත එල්ල කරන ලද ප්‍රහාර හේතුවෙන් සාමාන්‍ය වැසියන් ජීවිතක්ෂයට පත්ව ඇති බව පලස්තීනය චෝදනා කරයි.
හමාස් සංවිධානයේ අවි ආයුධ නිෂ්පාදනාගාරයක් තම ඉලක්කය වූ බවත්, ගාසා තීරයෙන් ඊශ්‍රායලය වෙත එල්ල වූ රොකට් ප්‍රහාර දෙකකට මෙය ප්‍රතිචාරයක් වූ බවත් ඊශ්‍රායලය පවසයි.
මෙම ප්‍රහාරයෙන් අසල නිවසක ගැබිණි කාන්තාවක් හා ඇගේ දියණිය ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් වාර්තා පවසයි.