ග්‍රීක ආර්ථිකය කඩා වැටීම වැලැක්වීමට ජාත්‍යන්තරයෙන් ණය ආධාර ලබාගැනීම සම්බන්ධයෙන් වූ ජනමත විචාරණයේදී එරට ජනතාව ඥානාන්විත තේරීමක් සිදුකර ඇති බව අගමැති ඇලෙක්සිස් සිප්රාස් පවසා සිටියි.
එහිදී, නැත යනුවෙන් ඡන්දය ප්‍රකාශ කරමින් ජාත්‍යන්තර ණය ආධාර සඳහා වූ කොන්දේසිවලට ග්‍රීසිය එකඟ නොවිය යුතු ප්‍රකාශය ජනතාව විසින් ලබාදී තිබේ.
මෙම මැතිවරණයේදී නැත යන්නට 61.3% ක ඡන්ද ප්‍රතිශතයකුත්, ඔව් යන්නට 38.7% ක ඡන්ද ප්‍රතිශතයකුත් හිමි වී තිබේ.
කෙසේ වෙතත්, මෙම මැතිවරණ ප්‍රතිඵලයෙන් ග්‍රීසිය යුරෝපා සංගමයෙන් ඉවත් විය යුතුය යන ඉඟියද ජනතාව ලබාදී ඇතැයි යුරෝපා සංගමය පවසයි.
මේ අතර, අද දිනය වනවිට ආසියානු වෙළෙඳ පොළවල් තුළ යූරෝ මුදල් ඒකකයේ බලවත් කඩා වැටීමක් දක්නට ලැබුණි.
මේ අතර, ජාත්‍යන්තර ණය දෙන ආයතන සමග නිතර ගැටුම් ඇතිකර ගත් එරට මුදල් අමාත්‍යවරයාද සිය ධුරයෙන් ඉල්ලා අස්වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
කෙසේ වෙතත්, මෙම ජයග්රහණයෙන් උද්දාමයට පත් ග්‍රීක වැසියන් වීදිවලට පැමිණ ජයඝෝෂා පවත්වා තිබේ.