දැවැන්ත මූල්‍ය අර්බුදයකට පත්ව සිටින ග්‍රීසිය වෙත හදිසි මූල්‍යාධාර අවශ්‍ය මොහොතක ජාත්‍යන්තර ණය දෙන ආයතන විසින් හාස්‍යජනක කොන්දේසි පැනවීම අසාධාරණ බව එරට අගමැතිවරයා පවසයි.
ඇලෙක්සිස් සිප්‍රස් පවසන්නේ අතිශය බැරෑරුම් අවස්ථාවක ණය දෙන ආයතන විසින් ලබාදී ඇති යෝජනා යථාර්ථවාදී නොමැති බවයි.
ඔහු වැඩිදුරටත් පවසන්නේ යුරෝපා සංගමයේ සහ ජත්‍යන්තර මූල්‍ය අරමුදලේ සැලසුම් යුරෝපයට අහිතකර බවයි. එමෙන්ම, එය නරක පූර්වාදර්ශයක් බවද ඔහු අවධාරණය කරයි.