ගල්පර අතර සිරවූ මොරෙකු අල්ලා එම සත්වයා නැවතත් මුහුදට මුදාහැරි ඔස්ට්‍රේලියානු කාන්තාවක පිළිබඳ වාර්තා වෙයි.
50 වියේ පසුවන මෙලිස්සා හාදියර් විසින් මෙම සත්ක්‍රියාව සිදුකර ඇති අතර, ඇය සිය ජීවිත අවදානමද නොතකා මෝරා බේරාගැනීමට කටයුතු කර තිබේ.
ස්ඩ්නි වෙරළේ දියනාමින් සිටි ඇයට මේ පිළිබඳ වෙරළේ සිටි අගේ මව විසින් දැනුම්දී ඇති අතර, පසුව මෙම කාන්තාව එම ස්ථානයට පිහිනා ගොස් මෙම මාළුවා ඔසවා නැවතත් මුහුදට මුදාහැර තිබේ.
මෙම සිදුවීම වෙරළේ සිටි පිරිස් රූගත කිරීමත් සමග එම රූපරාමු අන්තර්ජාලයට මුදාහැර ඇති අතර, එය මේ වනවිටත් සමාජජාල තුළ වේගයෙන් පැතිර යන බව සඳහන් වෙයි.