සඳ මත පා තැබූ සිව්වැනි පුද්ගලයා ලෙස සැලකුණු හිටපු ඇමෙරිකානු ගගනගාමී ඇලන් බීන් සිය දිවි ගමනින් සමුගෙන තිබේ.
ටෙක්සාස් හිදී ඔහු මිය යනවිට 86 වැනි වියෙහි පසුවූ බව ඔහුගේ ඥාතීහු පවසති.
සිය දිවියේ අවසන් කාලයේදී චිත්‍ර ශිල්පියෙකු ලෙස කැපී පෙනුනු ඇලන්, තමන් අභ්‍යවකාශයේදී දුටු විස්මිත දසුන් සිතුවමට නගා තිබුණි.
මීට දෙසතියකට පෙර ඉන්දියානා ප්‍රාන්තයේදී හදිසියේ අසනීප වූ ඔහු හූස්ටන් රෝහලකදී ඉතා සාමකාමී සමුගැනීමකට මුහුණදුන් බවද පවුලේ ඥාතීහු පවසති.
ගගනගාමී මයික් ලෝකය හඳුනාගෙන තිබුණේ ගගනගාමියෙකු ලෙස තාක්ෂණික ලෝකය ජයගත් අයෙකු මෙන්ම, චිත්‍ර ශිල්පියෙකු ලෙස සුවිශේෂී කලා කුසලතාවන් ජයගත්තෙකු ලෙසිනි.
හිටපු නාවික හමුදා පරීක්ෂණ ගුවන් නියමුවෙකු ලෙස සිය වෘත්තීය දිවිය ඇරඹූ ඔහු වර්ෂ 1963 දී නාසා ආයතනය විසින් පුහුණු ගගනගාමියෙකු ලෙස සේවයට බඳවාගෙන තිබුණි.
ඔහු දෙවරක් අභ්‍යවකාශයට ගොස් ඇති අතර, 1969 දී සඳ මත පා තබන ඇපලෝ 12 මෙහෙයුමට ඔහු සම්බන්ධ විය.
දෙවැනි වර 1973 දී යළිත් ඔහු අභ්‍යවකාශයට ගිය අතර, එහිදී ඇමෙරිකාවේ ප්‍රථම අභ්‍යවකාශ මධ්‍යස්තානය වන ස්කයිලැබ් වෙත ගමන් කිරීමේ වාසනාව ඔහුට උදාවිය.
ඔහු වර්ෂ 1981 දී නාසා ආයතනයෙන් විශ්‍රාම ගනිමින් සිය කලා කුසලතාවන් කෙරෙහි අවධානය යොමු කළේය.