කොලොම්බියා ඉතිහාසයේ සොයා ගැනුණු විශාලතම මත්ද්‍රව්‍ය තොගය ලෙස, කොකේන් ටොන් 12ක් අත්අඩංගුවට ගෙන තිබේ.
ඇමෙරිකාව වෙත ප්‍රවාහනය කිරීම සඳහා එරට උතුරුදිග ප්‍රදේශයක කෙසෙල් වගාවක් යට මෙම කොකේන් තොගය වළදමා තිබියදී සොයාගත් බව ආරක්ෂක අංශ පවසයි.
කොලොම්බියා ජනපති ජුආන් සැන්ටෝස් පවසා සිටියේ එක් පොලිස් මෙහෙයුමකින් සොයාගැනුණු විශාලතම මත්ද්‍රව්‍ය තොගය මෙය බවයි.
මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදෙන ප්‍රබල පාතාල සංවිධානයක් වන ගල්ෆ් ක්ලෑන් සංවිධානයට එරෙහිව සිදුකරන ලද මෙහෙයුමක් අතරතුරදී මෙම මත්ද්‍රව්‍ය තොගය සොයාගැනීමට හැකිවූ බවද සඳහන් වෙයි.
මෙම පාතාල සංවිධානයේ නායකයා ලෙස සැලකෙන ඩයිරෝ උසුගා හෙවත් ඔටෝනීල් මෙම මත්ද්‍රව්‍ය තොගයේ හිමිකරු බව පොලීසිය පවසයි.
මෙම පාතාල සංවිධානය කොලොම්බියාව තුල ක්‍රියාත්මක අතිශය භයානක පාතාල කණ්ඩායමක් බවද සඳහන් වෙයි.