කොලොම්බියා රජය සහ ෆාර්ක් ගරිල්ලන් අතර අත්සන් තැබුණු ඓතිහාසික සාම ගිවිසුම එරට ජනතාව ප්රතික්ෂේප කර ඇත්තේ ජනමත විචාරණයේදී ඊට විරුද්ධව ඡන්දය ප්රකාශ කරමිනි.
කොලොම්බියා ජනපති මැනුවෙල් සන්ටෝස් සහ ෆාර්ක් ගරිල්ලා නායක තිමොචෙන්කෝ අතර මෙම ඓතිහාසික සාම ගිවිසුම අත්සන් කෙරුණේ තෙවැනි පාර්ශ්වයක් ලෙස කියුබානු නායක රාහුල් කැස්ත්රෝගේද මැදිහත් වීම මතය.
කෙසේ වෙතත්, මෙම සාම ගිවිසුම අනුමත කළ යුතුද, නැද්ද යන්න විමසා පැවති ජනමතවිචාරණයේදි එය ප්රතික්ෂේප කරමින් 50.24% ක පිරිසක් ඡන්දය ප්රකාශ කිරීමත් සමග මෙම ගිවිසුම සම්බන්ධයෙන් අර්බුදකාරී තත්ත්වයක් හටගෙන තිබේ.
එහිදී, ජනමත විචාරණයේ ප්රතිඵලය පිළිගත්තත් එරට සාම ප්රයත්නය කිසිලෙසකින්වත් අත් නොහරින බව ජනපති මැනුවෙල් සන්ටෝස් අවධාරණය කරන්නේ, මෙම ජනමත විචාරණයට 40% කටත් වඩා අඩු පිරිසක් ඡන්දය ප්රකාශ කර ඇති බවද පෙන්වා දෙමිනි.
ඒ අනුව, සාම ක්රියාවලියේ මීළඟ පියවර සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට සිය නියෝජිතයන්ට කියුබාමේදී ෆාර්ක් ගරිල්ලා නායකයන් හමුවන ලෙසද සන්ටෝස් සිය නියෝජිතයන්ට පවසා ඇති බවද විදෙස් වාර්තා පවසයි.