කොලොම්බියාවේ වාමාංශික කැරලිකරුවන් සැඟව සිට සිදුකළ පහරදීමකින් එරට ආරක්ෂක අංශවල 12 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
එරට පළාත් මැතිවරණයක ඡන්ද පෙට්ටි රැගෙන යමින් සිටියදී මෙම පහරදීම සිදුව ඇති බව විදෙස් වාර්තා පවසයි.
කොලොම්බියාවේ ආරක්ෂක අමාත්‍ය ලුයිස් කාර්ලෝස් පවසන්නේ එරට ජාතික විමුක්ති හමුදාව ලෙස සැලෙකෙන කැරලිකරුවන් මෙම ප්‍රහාරය පිටුපස සිටින බවයි.
මේ අතර, ජනාධිපති ජුආන් මැනුවෙල් පවසා සිටියේ මෙම පහරදීමට එරෙහිව හැකි සෑම පියවරක්ම ගන්නා බවයි.