කොලොම්බියාවේ සිදුවූ නායයෑමකින් පුද්ගලයන් 62 දෙනෙකු පමණ ජීවිතක්ෂයට පත්ව තවත් විශාල පිරිසක් තවමත් අතුරුදන්ව ඇති බව විදෙස් වාර්තා පවසයි.
වයඹදිග, ඇන්ටික්වියා පළාතේ සිදුව ඇති නායයෑමට අධික වර්ෂාව හේතු වී ඇති අතර, ගංගා පිටාර ගැලීමෙන් ප්රදේශ රැසක් ජලයෙන් යටවී ඇති බවද වාර්තා වෙයි.
ජනාධිපති මැනුවෙල් සන්ටෝස්ද විපතට පත්වූවන් ගැන සොයා බලමින් කඩිනම් සහන සැලසීමට උපදෙස් ලබාදී තිබේ.
ගංගා නිම්නයන් ආශ්රිතව ඉතා දුර්වල ආකාරයෙන් නිර්මාණය කර නිවාස රැසක් විනාශ වී ඇති බවද විදෙස් වාර්තා පවසයි.