කොංගෝ රාජ්‍යයේ හිටපු හමුදා නායකයෙකු වූ ජර්මෙයින් කටන්ගා ජාත්‍යන්තර අපරාධ අධිකරණය විසින් වරදකරු කර කරන ලද බව විදෙස් පුවත් සේවා වාර්තා කරයි.
යුද අපරාධ, මානව වර්ගයාට එරෙහිව කළ අපරාධ, ස්ත්‍රී දූෂණ, ස්ත්‍රීන් ලිංගික වහලුන් ලෙස යොදා ගැනීම සහ ළමා සොල්දාදුවන් හමුදා සේවයේ යෙදවීම යන චෝදනාවන් ඔහුට එරෙහිව එල්ල විය.
කෙසේ වෙතත්, ජර්මෙයින් කටන්ගා යුද අපරාධ සහ මානව වර්ගයාට එරෙහිව සිදු කළ අපරාධවලට වරදකරු වූ නමුත්, ස්ත්‍රී දූෂණ, ස්ත්‍රීන් ලිංගික වහලුන් ලෙස යොදා ගැනීම සහ ළමා සොල්දාදුවන් යොදාගැනීම යන චෝදනාවලින් නිදහස් වූ බව පැවසෙයි.
කොංගෝ ජනරජයේ ගම්මානයක් වෙත 2003 වසරේදී එල්ල වූ ප්‍රහාරයක් පමණක් සැලකිල්ලට ගෙන මෙම නඩු විභාගය පැවැත්වෙන අතර, එහිදී, කොංගෝ බලධාරීන් විසින් ජර්මෙයින් කටන්ගා ජාත්‍යන්තර අපරාධ අධිකරණය වෙත භාරදෙන ලද්දේ 2007 වසරේ දීය.
මෙයින් 12 වසරකට පෙර හේග් නගරයේදී ආරම්භ කරනලද ජාත්‍යන්තර අපරාධ අධිකරණය විසින් වරදකරු බවට පත් කරනලද දෙවැනි පුද්ගලයා ජර්මෙයින් කටන්ගා බව පැවසෙයි.