පුද්ගලයන් 100කට වැඩි පිරිසකට මරු කැඳවූ කේරලයේ හින්දු කෝවිලේ ඇති වූ ගින්න හා පිපිරීම සම්බන්ධයෙන් පුද්ගලයන් 5 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව එරට පොලීසිය පවසයි.
පරාවර් හි පුට්ටින්ගල් කෝවිලේ සේවය කළ පුද්ගලයන් 5 දෙනෙකු මෙසේ අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔවුන් විසින් සංවිධානය කර තිබූ නීති විරෝධී ගිනිකෙළි සංදර්ශනයකට යොදා ගැනීමට ගෙනා ගිනිකෙළි මෙම ගින්නට හා පිපිරුමට හේතු වී තිබුණි.
එමෙන්ම, මෙම සිදුවීම සම්බන්ධයෙන් මේ වනවිට අධිකරණයේද විශේෂ විමර්ශණයක් සිදුකෙරෙන බව ඉන්දීය බලධාරීහු පවසති.
එමෙන්ම, මෙම සිදුවීමෙන් පසුව කෝවිල හැරගොස් සිටින පුද්ගලයන් සම්බන්ධයෙන් එරට පොලීසිය පරීක්ෂණ අරඹා ඇත.
මෙම සිදුවීමෙන් තවත් පුද්ගලයන් 400කට ආසන්න පිරිසක් තුවාල ලැබූහ.
ගිනිකෙළි ගබඩා කර තිබූ ස්ථානය වෙත වැරදීමකින් රතිඤ්ඤාවක් වැටීම නිසා මෙම ගින්න හා පිපිරුම් හටගෙන ඇති බවද මේ වනවිට සනාථ වෙමින් තිබේ.
කෙසේ වෙතත්, මෙම සිදුවීමත් සමග හින්දු කෝවිලේ ප්රධාන ගොඩනැගිල්ල සම්පූර්ණයෙන්ම කඩා වැටී තිබුණි.