බ්‍රිතාන්‍යයේ, කේම්බ්රිජි ආදිපාදවරිය සහ විලියම් කුමරුගේ බිරිඳ වන කැතරීන් (කේට්) කුමරියගේ අඩ නිරුවත් ඡායාරූප පළ කරමින් රාජකීයයන් අපහසුතාවට පත්කිරීමට වන්දි වශයෙන් පවුම් 92,000ක (රු.එක්කෝටි අසූ හතර ලක්ෂය පමණ) වන්දියක් ගෙවීමට ප්‍රංශයේ ක්ලෝසර් සඟරාවේ ප්රකාශයන්ට සිදුව තිබේ.
කෙසේ වෙතත්, ක්ලෝසර් සඟරාවට එරෙහිව මෙම නඩුව පවරමින් රාජකීය යුවළ එම ප්රකාශකයන්ගෙන් ඉල්ලා සිටි ස්ටර්ලින් පවුම් මිලියන 1.4ක (දෙකෝටි අසූ ලක්ෂයක පමණ) වන්දියට සාපේක්ෂව මෙය අඩු අගයක් වුවත්, මෙවැනි නඩුවකදී සාමාන්‍යයෙන් වන්දි වශයෙන් ලැබෙන මුදලට වඩා දෙගුණයක පමණ මුදලක් තම සේවාදායකයන් වෙත ලැබී ඇති බව රාජකීයයන්ගේ නීතීඥයෝ පවසති.
ප්‍රංශයේ, පැරිස් නුවරදී විභාගයට ගැනුණු මෙම නඩු විභාගයේදී දෙපාර්ශ්වය වන්දි මුදල ගෙවීමට සහ වන්දි මුදලින් සෑහීමට එකඟවීම හේතුවෙන් වසර පහක් පුරා ඇදුණු නඩුව සමතයකට පත්කර ගැනීමට හැකි විය.
'අනේ දෙවියනේ...' (ඕහ්.. මයි ගෝඩ්!) යන ශීර්ෂයෙන් යුතු ලිපියක්ද සමග එම සඟරාවේ මුල් කවරයේ මෙම අඩ නිරුවත් ඡායාරූප පළ කෙරුණි. එමෙන්ම, හිරු එළියේ පහස විඳිමින් සිටින රාජකීය යුවළ දැක්වෙන මෙම ඡායාරූප අතර, එක් ඡායාරූපයක විලියම් කුමරු විසින්, කේට් කුමරියගේ පශ්චාත් භාගයේ 'සන් ක්‍රීම්' තවරන ඡායාරූපයක්ද පළ වී තිබූ අතර, මෙම ඡායාරූපය ඔවුන්ගේ රාජඋදහසට වඩාත් ලක්වූ ඡායාරූපයක් විය හැකි බවද විචාරකයෝ පවසති.
මීට අමතරව, සඟරාවේ කර්තෘ ලෝරන්ස් පියේව් සහ අධ්‍යක්ෂවරයෙකු වන එර්නස්ට් මවුරි යන දෙදෙනාටද උපරිමය පවුම් 42,000 බැගින් වූ වන්දියක් ගෙවීමට සිදුවනු ඇති අතර, මෙම සඟරාවේ ඡායාරූප පළ වීමෙන් සතියකට පමණ පසුව එහිම වෙනත් ඡායාරූප කිහිපයක් පළ කළ 'ලා ප්‍රොවෙන්ස්' ප්‍රාදේශීය පුවත්පතටද පවුම් 3,000ක වන්දියක් ගෙවීමට සිදුවනු ඇති බව සඳහන් වෙයි.