ඉස්ලාමීය අන්තවාදී අල්-ෂබාබ් ත්රස්තයන් කෙන්යාවේ ම්පෙකෙටෝනි නගරය ආසන්නයේ තවත් ගම්මානයක් වෙත කඩා වැදී පුද්ගලයන් 15 දෙනෙකු මරා දමමින්, කාන්තාවන් 12 දෙනෙකු පැහැරගෙන ගොස් ඇති බව විදෙස් පුවත් සේවා පවසයි.
කෙන්යාවේ වෙරළ නගරයක් වූ ම්පෙකෙටෝනි වෙත පසුගිය ඉරිදා ප්‍රහාරයක් එල්ල කරමින් අහිංසක මිනිස් ජීවිත 49ක් අමු අමුවේ මරා දමා දිනක් ගත වීමටත් මත්තෙන් මේ මනුෂ්‍ය සංහාරය සහ පැහැර ගැනීම සිදුකර තිබේ.
කෙන්යා ජනාධිපති උහුරු කෙන්යාටා මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රාදේශීය දේශපලඥයන්ටද චෝදනා කරන අතර, අල්-ෂබාබ් සටන්කාමීන් ප්‍රහාරයේ වගකීම භාරගෙන තිබේ.
තුවක්කුකරුවන් අසල ගම්මානයකට කඩා වැදී රාත්‍රිය පුරා මේ මිනිස් සංහාරය සිදුකළ බවත්, පසුව කාන්තාවන් පැහැරගෙන ගිය බවත් සිද්ධිය ඇසින් දුටුවෝ පවසති.
අල්-ෂබාබ් ත්රස්තයන් කියා ඇත්තේ කෙන්යානු හමුදාව සෝමාලියාවට පැමිණීමේ හා මුස්ලිම්වරුන් ඝාතනය කිරීමේ පලිය ගැනීමට මේ ආකාරයේ ප්‍රහාර අඛණ්ඩව දියත් කරන බවය.
සෝමාලියානු ත්රස්තයන් මර්දනය කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ සාමසාධක හමුදාව සමග කෙන්යානු හමුදාවද එක්වූයේ 2011 වසරේදීය.