විපක්ෂය විසින් වර්ජනය කර ඇති කෙන්යානු ජනාධිපතිවරණය දැඩි ආරක්ෂක රැකවල් මධ්‍යයේ පැවැත්වෙන බව විදෙස් වාර්තා පවසයි.
ඡන්ද මධ්‍යස්ථාන වෙත යන පිරිස් වළක්වමින් විපක්ෂ ක්‍රියාකාරීන් කලහකාරීව හැසිරීම හමුවේ එරට පොලීසිය ඡන්ද මධ්‍යස්ථාන ආරක්ෂා කිරීමේ නිරතව සිටින බවද එම වාර්තා පෙන්වා දෙයි.
පසුගිය අගෝස්තු මාසයේ පැවති මැතිවරණයෙන් වත්මන් ජනපති උහුරු කෙන්යාටා ජයග්‍රහණය කළ බව සඳහන් වුවද, මැතිවරණ දූෂණ පැවති බවට වූ විරෝධය හමුවේ යළිත් මැතිවරණයක් පැවැත්වීමට තීරණය කෙරුණි.
කෙසේ වෙතත්, එරට ප්‍රධාන විපක්ෂයේ නායකයා ලෙස කටයුතු කරන රයිලා ඔඩින්ගා සති කිහිපයකට පෙර මැතිවරණ ව්‍යාපාරයෙන් ඉවත්වීමත් සමග මෙම මැතිවරණයද තනි අශ්වයෙකු දුවන තරගයක් බඳු යැයි දේශපාලන විචාරකයෝ පවසති.