ඉරාකයේ, කුර්දිස්ථාන් පළාතේ කුර්දිවරු විසින් පැවැත්වූ විවාදාත්මක ජනමත විචාරණයෙන් පසුව ඉරාක රජයේ හමුදා එම පළාත අත්පත් කරගැනීමේ මෙහෙයුම් අරඹා තිබේ.
ඒ අනුව, ඉරාක හමුදා මධ්‍යම කිර්කුක් නගරය වෙත ඇතුළු වී තිබූ අතර, දහස් ගණන් ජනයා එම නගරය අත්හැර පළායමින් සිටින බව විදෙස් වාර්තා පවසයි.
මෙම පළාතේ සිටි IS ඉස්ලාම් රාජ්‍ය ත්රස්තයන් පළායාමෙන් පසුව, ප්‍රදේශයේ බලය සියතට ගත් කුර්දිවරුන් පළවා හැරීම මෙම ඉරාක මෙහෙයුමේ අභිප්‍රාය වී තිබුණි.
සැප්තැම්බර් 25 වැනිදා පැවති ජනමත විචාරණයේදී කුර්දිවරු පාලනය කළ ප්‍රදේශවල ජනතාව ඊට සහාය දක්වමින් ඡන්දය ප්‍රකාශ කළද, ඉරාක රජය පවසා සිටියේ මෙය ව්‍යවස්ථා විරෝධී ජනමත විචාරණයක් බවයි.