ඉරාකයේ සිදුවන සුන්නි ඉස්ලාමීය අන්තවාදීන්ගේ ආක්රමණයත් සමග කුර්දි සටන්කාමීන්ද රජයේ පාලනයේ පවතින තැන් තමන් යටතට නතුකර ගනිමින් සිටියි.
එහි අලුත්ම තත්ත්වය ලෙස අද (11දා) කුර්දි සටන්කාමීන් විසින් රජයේ පාලනයේ පැවති තෙල් නිධි දෙකක බලය නතු කරගෙන ඇති බව විදෙස් පුවත් සේවා පවසයි.
සුන්නි සටන්කාමීන්ට මුහුණ දීමට නොහැකිව දැඩි අර්බුදයකට ලක්ව ඇති ඉරාක ෂියා පාලනයට කුර්දිවරුන්ගේ මේ ආක්රමණයන්ද නොසලකා හැර සිටීමට නොහැකි වී තිබේ.
මේ වනවිට ඉරාක අර්බුදය හේතුවෙන් ලක්ෂ ගණනක් ජනතාව අවතැන්ව ඇති අතර, ෂියා මුස්ලිම් බහුතරයක් වෙසෙන ඉරාකයේ සැලකිය යුතු පෙදෙසක් සුන්නි ඉස්ලාමීය අන්තවාදීන් අතට පත්ව තිබේ.