ඇමෙරිකානු ජනපති බරැක් ඔබාමා සහ කියුබානු ජනපති රාවුල් කැස්ත්‍රෝ දෙරටේ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා බිඳ වැටී අඩසිය වසකට පසු ප්‍රථම වතාවට එකට එක්ව සාකච්ඡාවක නිරත වීමේ ඓතිහාසික අවස්ථාව සිදුවී තිබේ.
පැනමා රාජ්‍යයේදී පැවති ඇමෙරිකාස් සමුළුවට පෙර මේ හමුව සිදුව තිබුණි. එමෙන්ම, මෙම සමුළුවේදී අදහස් දැක්වූ ඔබාමා පවසා සිටියේ කියුබාව තවදුරටත් තර්ජනයක් නොවන බවය.
රාවුල් කැස්ත්‍රෝ හමුවූ අවස්ථාවේදී වැඩිදුරටත් අදහස් දක්වා ඇති ඔබාමා, දෙරටම ඉදිරි අනාගත වැඩපිළිවෙළක් සඳහා වූ සංධිස්ථානයකට පැමිණ ඇති බවද පවසා තිබේ. එමෙන්ම මෙහිදී අදහස් දක්වා ඇති කැස්ත්‍රෝ, තමන් සෑම කරුණක් සම්බන්ධයෙන්ම සාකච්ඡා කිරීමට සූදානමින් සිටින බව මෙන්ම, ඒ සඳහා තමාට ඉතා හොඳ ඉවසීමක් අවශ්‍ය බවද පවසා තිබේ.