උතුරු කොරියානු නායකයාගේ අර්ධ සයෝදරයෙකු වූ කිම් ජොන්ග්-නාම් ඝාතනය පිළිබඳ සැකපිට අත්අඩංගුවට පත් කාන්තාවන් දෙදෙනා එම ඝාතනය සිදුවූ මැලේසියානු ගුවන් තොටුපොළ වෙත පසුගියදා ගෙනගොස් තිබුණි.
ඉන්දුනීසියානු ජාතික සිතී අයිස්යා සහ වියට්නාම ජාතික ඩොආන් තායි හුවොන්ග් ඊයේ (24දා) ක්වාලලම්පූර් ගුවන් තොටුපොළ වෙත දැඩි ආරක්ෂාවක් මධ්‍යයේ කැඳවාගෙන පැමිණ තිබුණි.
විෂ රසායනිකයක් කිම් ජෝන්ග්-නාම්ගේ මුහුණේ තවරමින් මෙම ඝාතනය සිදුකළ බවට මෙම සැකකාරියන්ට එරෙහිව චෝදනා ගොනුකර තිබේ.
කෙසේ වෙතත්, මෙම චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරන මෙම කාන්තාවන් දෙදෙනා ඔවුන් නිර්දෝෂී බව පවසති.
මෙය රූපවාහිනී විනෝදාත්මක වැඩසටහනක් ලෙස සලකා ඔවුන් මෙය සිදුකළ බව පවසන මෙම කාන්තාවන් එහි යටි අරමුණ මනුෂ්‍ය ඝාතනයක් බව නොදන්නේ යැයි පවසයි.
මේ අතර, මෙම ඝාතනය සම්බන්ධයෙන් තමන්ගේ කිසිදු සම්බන්ධයක් නොමැති බව උතුරු කොරියාවද පවසා තිබේ.