උතුරු කොරියාවේ නවතම න්‍යෂ්ටික අත්හදා බැලීමෙන් පසුව එරටට එරෙහිව නව පන්නයේ සම්බාධක රැසක් පැනවීම පිළිබඳව ඇමෙරිකාව උනන්දු වෙයි.
ඒ අතර, එරට ඛනිජතෙල් තහනම් කිරීම සහ විදෙස්වල ඇති උතුරු කොරියානු නායක කිම්ජෝන්ග්-උන් සතු වත්කම් අත්හිටුවීමද ප්‍රධාන තැනක් ගනී.
උතුරු කොරියාව මෙවර අත්හදා බැලූ හයිඩ්රජන් න්‍යෂ්ටික බෝම්බය ඇමෙරිකාව වෙතද දැඩි අවදානමක් ඇති කිරීම තුළ ඔවුන් මෙම නව සම්බාධක ගැන කතා කරයි.
එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය වෙත මෙම සම්බාධක පැනවීමේ යෝජනා ඉදිරිපත් වීමට ගියත්, චීනය හා රුසියාව යළිත් උතුරු කොරියාවට එරෙහිව සම්බාධක පැනවීමට එරෙහිව සිටියි.
රුසියානු ජනපති ව්ලැඩිමීර් පූටීන්ද පවසා තිබුණේ උතුරු කොරියාව වෙත කොතරම් සම්බාධක පැනවූවද ඔවුන් තණකොළ හෝ බුදිමින් තම න්‍යෂ්ටික වැඩපිළිවෙළ ඉදිරියට ගෙනයනු ඇති බවයි.
ඒ නිසා වඩාත් හොඳම ක්‍රමවේදය රාජතාන්ත්‍රික සාකච්ඡාමය මට්ටමින් මෙම ගැටලුවට විසඳුම් සෙවීම බවද රුසියානු නායකයා අවධාරණය කරයි.