(PICTURE) ඇමෙරිකාවේ ආන්දෝලනාත්මක රියැලිටි තරුවක් මෙන්ම, ජනප්රිය ගායක කෙනී වෙස්ට්ගේ බිරිඳ වන කිම් කාර්ඩාෂියන් පැරිස් නගරයේදී මංකොල්ලකෑමකට ලක්ව ඇති බව විදෙස් වාර්තා පවසයි.
පැරිසියේ සංචාරයක නිරත වෙමින් සිටි අතරතුර පොලිස් ඇඳුමින් සැරසුණු තුවක්කුකරුවන් පස් දෙනෙකු විසින් ඇය නැවතී සිටි අධිසුඛෝපභෝගී නවාතැන වෙත අලුයම් කාලයේදී ඇතුළු වී මෙම මංකොල්ලය සිදුකර ඇති බව වාර්තා වෙයි.
ප්රංශ ආරක්ෂක අංශ පවසන පරිදි කිම් කාර්ඩාෂියන් සතු ඇ.ඩො. මිලියන 6.7ක් වටිනා රන් ආභරණ එම කොල්ලකරුවන් විසින් රැගෙන පළාගොස් ඇති අතර, මංකොල්ලකරුවන් ඇගේ හිසට ගිනි අවි අමෝරා සිටින විට, තමා දරුවන් දෙදෙනෙකුගේ මවක බවත්, තමාට ජීවිත දානය දෙන ලෙසත් ඇය තුවක්කුකරුවන් ඉදිරියේ ඇයද සිටි බවද කියැවෙයි.
එහිදී, මෙම කොල්ලකෑමට පැමිණි පිරිස් කිම් කාර්ඩාෂියන්ට ශාරීරික හිංසනයක් සිදුකර නැතත්, ඇය රැඳී සිටි අධිසුඛෝපභෝගී නවාතැනේ නාන කාමරය තුළ ඇයව බැඳ තබා පළාගොස් ඇති බවද ප්රංශ පොලීසිය උපුටා දක්වමින් විදෙස් වාර්තා පවසයි.
පැරිස් මෝස්තර නිරූපණ සතියට සහභාගී වීම සඳහා ප්රංශයට පැමිණ සිටි කිම් කාර්ඩාෂියන්ව මංකොල්ලකෑමට පැමිණි තුවක්කුකරුවන් තමන්ගේ මුහුණු ආවරණය කරගෙන මෙම මංකොල්ලය සිදුකර ඇති අතර, ඔවුන් පසුව පාපැදිවලින් පළාගොස් ඇති බවද වාර්තා වෙයි.
සුරංගනා ලෝකවල ජීවත් වෙමින්, විවිධ ආන්දෝලනාත්මක සිදුවීම් හරහා ප්රසිද්ධියට පත්ව සිටින කිම් කර්ඩාෂියන් මෙම සිදුවීමෙන් දැඩි තැතිගැන්මකට ලක්ව ඇති බව විදෙස් වාර්තා වැඩිදුරටත් දක්වයි.
එමෙන්ම, මෙම මංකොල්ලය සිදුවන අවස්ථාවේදී ඇගේ සැමියා ඇමෙරිකාවේ සජීව සංගීත ප්රසංගයක ගීත ගයමින් සිට ඇති අතර, ඔහු මේ සිදුවීමත් සමග එම සංගීත ප්රසංගය අතරමග නතර කර ඇති බවත් විදෙස් වාර්තා පෙන්වා දෙයි.
මේ අතර, කිම් කාර්ඩාෂියන් මේ වනවිට පැරීසියෙන් ඇමෙරිකාව වෙත වහා පිටත්ව පැමිණ ඇති බවත් විදෙස් වාර්තා වැඩිදුරටත් පවසයි.
මංකොල්ලයට සිදුවීමට පැය කිහිපයකට පෙර කිම් සිය නැගෙණිය සමග...
කිම් ගේ ස්වාමියා කෙනී වෙස්ට්
මංකොල්ලය සිදුවූ සුඛෝපභෝගී නවාතැන
කිම් සතු වූ මිල අධික ආභරණ
පෞද්ගලික ජෙට් යානයකින් යළි ඇමෙරිකාව වෙත යමින්
නිව්යෝක් වෙත පැමිණි කිම් ස්වාමියා සමග