ඇමෙරිකා එක්සත් ජනපදයේ කැලිෆෝනියා ප්රාන්තය පුරා වේගයෙන් පැතිර ගිය ලැව්ගිනි තත්ත්වයක් හේතුවෙන් මේ වනවිට පුද්ගලයන් 13 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
නිවාස හා දේපොළ 1,500ක් පමණ සම්පූර්ණයෙන් විනාශයට පත් වී ඇති අතර ප්රදේශවාසීන් ආරක්ෂිත ස්ථාන කරා යොමු කෙරෙමින් පවතින බවද විදෙස් වාර්තා පවසයි.
මෙම ලැව්ගිනි තත්ත්වය හේතුවෙන් උතුරුදිග කැලිෆෝනියාවේ හදිසි තත්ත්වයක්ද ප්රකාශයට පත්කර ඇත.
ප්රාන්තයේ නාපා, සොමොනා සහ යූබා පළාත්වලින් පමණක් 20,000ක පමණ ජනතාව ඉවත්ව ගොස් ඇති අතර, මෙය ප්රාන්තයට බලපෑ දරුණුතම ලැව්ගින්නක් බවද කියැවේ.
දකුණු කැලිෆෝනියාවේ මෙවැනි ලැව්ගිනි සුලභ කාරණයක් වුවත්, උතුරදිග මෙය විල කාරණයකි. කෙසේ වෙතත්, වියළි කාලගුණය සමග ඇති වූ දැඩි සුළං තත්ත්වය ලැව්ගිනි පැතිරයාමට බලපා තිබේ.