එක්සත් ජනපදයේ කැලිෆෝනියා ප්රාන්තයට බලපා ඇති දරුණු ලැව්ගිනි තත්ත්වය හේතුවෙන් මියගිය පිරිස 40 දක්වා ඉහළ ගොස් ඇති අතර, ඉන් අතුරුදන් පිරිස සිය ගණනක් බව විදෙස් වාර්තා පවසයි.
මෙම ලැව් ගින්නෙන් මිදි වතු ආශ්රිත ඉඩම් රැසක් සම්පූර්ණයෙන්ම පාහේ විනාශ වී ඇති අතර, නිවාස දහස් ගණනක් සම්පූර්ණයෙන්ම ගිනිබත්ව ඇතැයි සඳහන් වේ.
කැලිෆෝනියා ආණ්ඩුකාරවරයා පවසා සිටියේ මෑත ඉතිහාසයේ කැලිෆෝනියා ප්රාන්තය මුහුණදෙන මහා ඛේදවාචකයක් ලෙස මෙම ලැව්ගිනි තත්ත්වය හඳුනාගත හැකි බවයි.
මෙම ලැව්ගිනි මැඬපැවැත්වීම සඳහා ගිනි නිවන භටයන් 10,000ක් පමණ දිවා රෑ නොබලා කටයුතු කරන අතර, ප්රාන්තය පුරා ස්ථාන 16ක ලැව්ගිනි පැතිරීම සිදුවන බවද සඳහන් වෙයි.
පැයට කිලෝමීටර් 70ක පමණ වේගයෙන් හමායන සුළං හේතුවෙන් ගින්න පැතිරීමේ වේගය වැඩිවී ඇති බවත්, මේ නිසා තවත් නගර රැසක ජනතාව ඉවත්කිරීමට සිදුවූ බවත් ප්රාන්ත බලධාරීහු වැඩිදුරටත් පවසති.