ඇමෙරිකාවේ, දකුණුදිග කැලිෆෝනියා හිදී සංචාරක බස් රථයක් අනතුරට පත්වීමෙන් පුද්ගලයන් 13 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 30කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බව විදෙස් වාර්තා පවසයි.
සංචාරක බස් රථය භාණ්ඩ ප්‍රවාහන ලොරියක පසුපස ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති අතර, එම රථයේ ගමන් කළ වැඩි පිරිසක් ලතින් ඇමෙරිකානුවන් බවද පැවසෙයි.
පාම් ස්ප්‍රින්ග් නගරයට ආසන්නයේදී මෙම අනතුර සිදුව ඇති අතර, ලොස් ඇන්ජලීස් බලා ධාවනය වූ බස් රථය අනතුරට පත්වන අවස්ථාවේදී අධික වේගයෙන් ගමන් කර තිබුණත් එම අනතුරට හේතුව සොයා පොලිස් පරීක්ෂණ ඇරඹී ඇති බවද විදෙස් වාර්තා පවසයි.
බස් රථයේ ජනෙල්වලට ඉනිමං තබමින් එහි ඇතුළ වූ මළ සිරුරු මෙන්ම තුවාල වූවන් පිටත් ගෙන ඇති බවත්, සිද්ධියෙන් තුවාල ලැබූ පස් දෙනෙකු අසාධ්‍ය තත්ත්වයේ පසුවන බවත් විදෙස් වාර්තා වැඩිදුරටත් පවසයි.
දශක කිහිපයකට පසුව කැලිෆෝනියානු කලාපයේ සිදුවූ දරුණුතම රිය අනතුර මෙය බව ප්‍රාන්ත බලධාරීහු පවසති.