කැරලිකාර හමුදා ආඩේන් නගරය වෙත පැමිණෙන විට යේමනයේ ජනාධිපති ඇබ්ඩ්රබූ මන්සූර් හාඩි සිය මන්දිරයෙන් පළාගොස් ඇති බව විදේස් පුවත් සේවා පවසයි.
නගරය පුරාම වෙඩි හඬ ඇසෙන බවත්, හවුති කැරලිකාර හමුදා මේ වනවිට එරට ගුවන් තොටුපොළද අල්ලාගෙන ඇති බවත් වාර්තා වෙයි.
අද උදෑසන වනවිට කැරලිකාර හමුදානගරයට කිලෝමීටර් 60ක් පමණ ඔබ්බෙන් සිටි අතර, රජයේ ප්රධාන ගොඩනැගිලි කිහිපයකම බලය ඔවුන්ගේ පාලනයට නතුකර ගෙන තිබුණි.
එහිදී, රජයේ හමුදා සමග ඔවුන් දැඩි සටනක නිරතව ඇති බවත් වාර්තා වෙයි. මේ අතර, රජයේ බලධාරීන් පවසා සිටියේ ජනාධිපතිවරයා ආරක්ෂිත ස්ථානයක් කරා ගොස් සිටියත්, රටින් පිටවී නොමැති බවයි.