කැනඩාවේ කණිෂ්ඨ අයිස් හොකී කණ්ඩායමක් රැගත් බස් රථයක් අනතුරකට පත්වීමෙන් පුද්ගලයන් 15 දෙනෙකු ජීවිතක්ෂයට පත්වීමත් සමග බොහෝදෙනා සිය ශෝකය පළ කරමින් සිටින බව විදෙස් වාර්තා පවසයි.
භාණ්ඩ ප්රවාහනය කරමින් සිටි ට්රක් රථයක් සමග මෙම බස් රථය ගැටී තිබුණු අතර, අනතුරින් හම්බෝල්ඩ් බ්රොන්කෝස් කණ්ඩායම නියෝජනය කළ ක්රීඩකයන් 9 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබුණි.
කෙසේ වෙතත්, අනතුරට හේතුව නිශ්චය කරගැනීමට පොලීසියට මෙතෙක් හැකිවී නොමැති අතර, අනතුරින් ලොරි රථයේ රියදුරටද හානියක් සිදුව නොතිබුණි.
මෙම අනතුරත් සමග රට පුරා සිටින හොකී ක්රීඩකයන් තමන්ගේ ශෝකය පළ කරන ආකාරය සති අන්ත අයිස් හොකී තරගවලදී දැකගැනීමට ලැබුණු බව විදෙස් වාර්තා පවසයි.
මේ අතර, තවත් බොහෝ දෙනෙකු අනතුරින් ජීවිතක්ෂයට පත් හා තුවාල ලැබූවන්ගේ පවුල්වලට උදව් උපකාර කිරීම සඳහා ඉදිරිපත්ව ඇත.
අන්තර්ජාලය හරහා සිදුකරන අරමුදල් රැස්කිරීම මේ වනවිට ඇ.ඩො.මිලියන ගණනින් මුදල් උපයා ඇති බව විදෙස් වාර්තා පවසයි.