කැනඩාවේ ක්වෙබෙක් ප්‍රාන්තය විසින් මහජන සේවයක නිරතව සිටින අවස්ථාවක හෝ මහජන සේවාවක් ලබාගන්නා අවස්ථාවක මුහුණු ආවරණය කිරීම තහනම් කිරීමේ නීතියක් සම්මත කර තිබේ.
මෙම නව නීතිය සමග බුර්කාවකින් හෝ නිකාබ් ඇඳුමෙන් සැරසී සිටින රජයේ නිලධාරිනියන් ඇතුළු මහජන සේවයක නිරතව සිටින අයට මෙන්ම, මහජන සේවයක් ලබාගන්නා සෙසු මුස්ලිම් ප්‍රජාවටද මෙම නීතිය බලපැවැත්වෙන බව කියැවෙයි.
කෙසේ වෙතත්, මෙය මුස්ලිම් කාන්තාවන් ඉලක්ක කර පැනවූවක් නොවන බව පවසන එම ක්වෙබෙක් ප්‍රාන්තය, මෙය සමස්තයක් ලෙස මුහුණු ආවරණය කරගෙන සිටින සියලු දෙනා වෙත පැනවූ නීතියක් බවද කියා තිබේ.
මේ සමගම ක්වෙබෙක් ප්‍රාන්තයේ ජීවත්වන ඉස්ලාමීය ප්‍රජාවට මහජන සේවාවක් ලබාගැනීමේදී, බස් රථයක ගමන් කිරීමේදී, මහජන පුස්තකාලය භාවිත කිරීමේදී හෝ සෞඛ්‍යය සහ අධ්‍යාපනය වැනි මහජන සේවා ලබාගැනීමේදී සිය මුහුණ නිරාවරණය කිරීමට නව පනත සිදුවන බව සඳහන් වේ.
මේ ආකාරයෙන් මුහුණු ආවරණ ඉවත් කිරීමේ නීති පැනවූ ප්‍රථම රට කැනඩාව නොවන අතර, මීට පෙර ප්‍රංශය සහ බෙල්ජියම ඇතුළු යුරෝපා රටවල් කිහිපයදම මෙවැනි නීති පැනවුණි.